ආසාදිතයා නිලධාරීන් 170කගේ හිස සම්භාහනය කරලා

වැලිකඩ බාබර් පාටියේ කොරෝනා ආසාදනය වූ රැඳවියා නිලධාරීන් 170 දෙනකුගේ හිස සම්භාහනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ‘සෞඛ්‍ය මාර්ගෝපදේශ’ අනුව සිදුකළ හැක්කේ හිසකෙස් කැපීම,හිසකෙස් සායම් කිරීම,අත් හා පාදවල නිය සම්භාහනය, හිසකෙස් ලිහිල් කිරීම හා කෙළින් කිරීම සහ අත් හා පාදවල රෝම ඉවත් කිරීම යන සේවා පමණි.

මෙම මාර්ගෝපදේශ නීතියක් ලෙසට ප්‍රකාශයට පත් කර නැති නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එම නිලධාරීන් 170 දෙනා නිරෝධායනය කර ඇති බවද රට විවෘත කිරීමේදී එක නීතියක් තිබිය යුතු බව ද ඒ මහතා කීවේය.

මෙම මාර්ගෝපදේශ වැදගත් නමුත් මෙය තවමත් නීතියක් ලෙස බලාත්මක කළ හැකි තත්ත්වයට පත් කර නැතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් පැවසීය.නමුත් මෙම මාර්ගෝපදේශ කඩ කළ යුතු නැති බවත් මේවා හැකි සෑමවිටම අනුගමනය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙම මාර්ගෝපදේශ මුල් අවස්ථාවේදීම නීතියක් ලෙසට ගැසට් කර තිබුණේ නම් වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට පවා හැකියාව තිබූ බව නීතිඥවරු පෙන්වා දෙති.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by