කතරගම වන්දනාවේ ආ අයෙකුට කොරෝනා.. කතරගමට දැඩි සීමා පනවයි.. පෙරහැර ශිල්පීන් කොරෝනා පරීෂාවට..

පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි.

ඔහු පසු ගිය 07 වන දා 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වන දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by