21 Jul 2020 - තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

21 Jul 2020 - තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.


පසුගිය 13 වනදා සිට 17 වන දක්වා තැපැල් ඡන්දහිමියන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ, පසුගිය දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවන බවය.

අදාළ දිනයන් හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ඊයේ (20) සහ අද (21) දිනයේ අවස්ථාව ලබා දුනි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඔවුන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

මේ අතර සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු රක්ෂික පැකට්ටු තේරීම්භාර නිලධාරීන් වෙත යැවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ය.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 54% ක් බෙදා අවසන් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ ය.

කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මෙවර මැතිවරණයේ වැඩි කාලසීමාවක් ලබාදී තිබූ බව “පැෆ්රල් සංවිධානයේ“ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළව ආගමික ස්ථාන පදනම් කරගනිමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව එම කොමිසම සඳහන් කළේය.

එවැනි කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස සියලු භික්ෂුන්වන්සේලාගෙන් සහ සියලු පූජ්‍ය උතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ පැමිණිලි 4052ක් ලැබී තිබේ.

ඉන් පැමිණිලි 3200ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති අතර තවත් පැමිණිලි 852ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by