මන්ත‍්‍රී විග්නේස්වරන් මුල්ලිවයික්කාල් බිමෙන් වැඩ අරඹයි

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු පලාතෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහනය කරන ලද තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ඊයේ (16) දින මුලතිව් මුල්ලිවයික්කාල්හි සැමරුම් අවස්ථාවකට සහභාගී විය.

මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දැල්වීමෙන් අනතුරුව සී.වී.විග්නේස්වරන් මහතා ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් ජනතා මෙහෙවර ආරම්භ කරන බවට ප්‍රකාශ කරන ලදි.

පළමු වතාවට මහමැතිවරණයකට පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට තරඟ කොට මන්ත්‍රී ආසනයක් ජයග්‍රහනය කල තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂය මගින් ඉදිරියේදී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පූර්ණ කැපකිරීම් කිරීමට සූදානම් බවටද සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වමින් වැඩි දුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට හටපු මන්ත්‍රී සුරෙස් ප්‍රේමචන්ද්‍රන් හිටපු උතුරු පලාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් සහභාගී විය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by