ස්වර්ණමාලි දාගැබ් වහන්සේගේ හදිසි ප්‍රතිසංස්කරණය විද්‍යානුකූලද? නීත්‍යානුකූලද? මෙය පිටුපස ඇති අදිසි හස්තය කුමක්ද?

රුවන්මැලි (රත්නමාලී) සෑ රදුන්ට එහි එක් පසෙකින් දාගැබ් වහන්සේට සම්බන්දකොට ගොඩනග තිබුණු දැවැන්ත යකඩ ස්කාෆොල්ඩින් කන්දරාව එය දාගැබ් වහන්සේට සම්බන්ද කොට තැනු දැවැන්ත මහල් ගොඩනැගිල්ලක් බඳුය. චෛත්‍ය රාජයා ඇලවීමකට ලක්වේදෝයි සැකයක්ද මෙය මුවාවෙන් එහි ගර්භය කනිනවාදැයි සැකයක්ද ඇතිවන තරම්ය..

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය ද පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කරනු ලැබුවේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානායට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මහා සෑයේ ආරක්ෂාව රටටම අයිති දෙයක්. මේ ගැන සොයාබලා බෞද්ධ ජනතාවට සත්‍ය පැහැදිලි කරන ලෙස ද ඒ සඳහා ප්‍රධාන වගකිව යුතු සැමගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ද සැමගෙන් ඉල්ලා සිටිමු.
එබැවින් කරුණාකර මේ චෝදනාවලට පිළිතුරු සපයන්න.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by