බලය අතහැර එජාපය වේලාසනින්ම පරාජය බාරගනී…

හිරු බලය වැඩසටහන සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නීතිඥ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන් එක්වූ අතර රජය නියෝජනය කරමින් වැඩසටහන හා එක් වීමට නියමිතව සිටි ජේසී අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයා සහ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා වැඩසටහනට එක් නොවූහ.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් හිරු බලය වැඩසටහන සුපුරුදු ලෙස පවත්වාගෙන යන ලද අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉතා හොඳ පූර්ව සූදානමකින් පැමිණ සිටි බව වැඩසටහන පුරාවට දක්නට ලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා අනාගතයේ දී ශ්‍රී ලංකාවට හිමි වන භයානක ඉරණම පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය. මීට පෙර ඇමරිකාව හා මෙවැනි ගිවිසුම් වලට එක්වූ මැඩගස්කරය වැනි රටවලට අත් වූ ඉරණම මෙහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා පැහැදිලි කරන ලදී.

එමෙන්ම දෙමළ සන්ධානය විසින් ජනපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි ප්‍රභාකරන්ගේ ඉල්ලීම් වලටද වඩා භයානක බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ සන්ධානයේ සහයෝගය ලැබී ඇත්තේ එම කොන්දේසි ඉටු කිරීමට පොරොන්දු වූ නිසා බවට ප්‍රකාශ කර සිටියේය.

වැඩසටහන හා එක් වූ රෝහිත බේගුණවර්ධන මන්ත්‍රිවරයා දෙමළ සන්ධාන යෝජනා සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයටද අඩංගු කර ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම එජාපයේ සජිත් පිල හා රනිල් පිල අතර ගැටුම අද වන විට පැහැදිලිවම දක්නට ලැබෙන බවද ඒ මහතා විසින් සඳහන් කළේය.

කෙසේ වෙතත් එජාප මන්ත්‍රිවරුන් මෙම වැඩසටහන මගහැරීම පිලිබඳව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ චෝදනාව වූයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙන්ම ඔහුට සහාය පළ කරන එජාප මන්ත්‍රිවරුන්ද රූපවාහිනි විවාද මගහැරීමට දැන් කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම වැඩසටහන හා දුරකථනයෙන් සම්බන්ධ වූ ප්‍රේක්ෂකයන් ද එජාප මන්ත්‍රිවරුන් මෙම වැඩසටහනට සහභාගි නොවීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කර සිටියේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by