දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට සැරසෙයි.

දීඝවාපි චෛත්‍යය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 වන දින පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ.

“දීඝවාපිය අරුණට” පළමු දායකත්වය දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්ය අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ පරිත්‍යග කළ රු. මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

බෞද්ධයා නාලිකාව රු. මිලියන 5 ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන් මහතා ද සිය පරිත්‍යග ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුද බිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 04ක් සහ කාමර 20කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by