කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වේ

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් පැවසීය.මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.

1941 වසරේ අගෝස්තු 5 වැනිදා හපුතලේදී උපත ලැබූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස 1977 වසරේ පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනු එතුමා ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඉහළ දේශපාලන පරිචයක් සහිත දේශපාලනඥයෙකු ලෙස සැලකේ.

එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු 2004 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා බවට පත්වු ඒ මහතා 2010 වසර දක්වා එම ධුරයේ කටයුතු කළේය. පසුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරය ඇතුළු තනතුරු රැසක් හෙඹවු වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පසුගිය දා කොවිඩ් -19 ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගතකර තිබුණි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by