ජනපති මහනුවරදී ගම සමග පිළිසඳරක්

පෙබරවාරි 13 වන දින පෙරවරුවේ මහනුවර දිස්ත්රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ප්‍රාථමික විද්‍යලයේ පැවති “ගම සමග පිළිසඳර” 10 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා ග්‍රාමීය පරිසරයට, ගැමියාගෙන් හානියක් නැති බවත්, ගමේ පරිසරය මෙතෙක් රැක ගත්තේ ගැමියා බවත් ප්‍රකාශ කර සිටියේය. මුතුන් මිත්තන් කල සිට පාරම්පරිකව කරගෙන එන වගා වැඩ පරිසරයට හානියක් සේ තමා නොදකින බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

SLT මොබිටෙල් ආයතනය කයිකාවල කණිෂ්ඨ විද්‍යලය සඳහා පරිත්‍යග කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, මීමුරේ ප්‍රාථමික විද්‍යලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, අධිවේගි අන්තර්ජාල පහසුකම් සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමූ රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

මාර්ග පද්ධතියේ අසංවර්ධිත බව සහ වගා ඉඩම් අයිතිය නිරවුල්ව නොතිබීම තමන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු බව රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. මාර්ග දුෂ්කරතා පිළිබඳ කළ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා මීමුරේ - හුන්නස්ගිරිය මාර්ගයේ පාලම් දෙක අලුත්වැඩියා කර මාර්ගයේ සංවර්ධනය කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කයිකාවල, මධ්‍යම බෙහෙත් ශාලාවට වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරීම, ගිලන්රථක් සැපයීම, සහ උඩුදුම්බර රෝහලේ වෛද්‍ය පුරප්පාඩු පිරවීම හා සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක ව්‍යපාරයේ ප්‍රවර්ධනය සඳහා මීමුරේ ප්‍රදේශය සතුව ඇති විභවතාව කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ත්‍රාසජනක ජල ක්‍රීඩා සහ සංචාරක ව්‍යපාරය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. කදු නැගීම ඇතුළු සංචාරක ක්‍රියාකාරකම් සහ සංචාරකයන්ට ආකර්ශණීය ස්ථාන හඳුනා ගැනීම සහ සංචාරක කර්මාන්තයට පිවිසීම සදහා ප්‍රදේශවාසීන්ට පුහුණුවක් දීම, මීමුරේ ගමට රාජ්‍ය බැංකුවකින් ATM පහසුකම් සැලසීමට පියවර ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ප්‍රදේශයේ ඉඩම් ගැටළුට කඩිනම් විසඳුම්දී දීමට, විදුලි අලිවැට යතාවත් කර සක්‍රීය කිරීමට කඩිනම්න් පියවර ගත යුතු බව ජනාධිපතිතුමා විසින් නියම කරනු ලැබීය. මීමුරේ - කුඹුක්ගොල්ල - කයිකාවල විද්‍යලවල ගුරු හිඟය පියවීමටත්, පරිගණක කාමර, පුස්තකාල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත් උපදෙස් දෙනු ලැබිණ. ප්‍රදේශයේ පෙර පාසල්වල සහ දහම්පාසල්වල අඩු පාඩුකම් සපුරාදීමට ද තීරණය කෙරිණ. පාසල් තුනටම පොදු වන සේ ගුරු නිවසක් ඉදිකර දීම කෙරෙහිත් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.
ගම්මානවල ඇල අමුණු ප්‍රතිසංස්කරණය, පානීය ජල ගැටළුවට විසඳුම් දීම ප්‍රදේශයේ තවත් මූලික අවශ්‍යතා දෙකක් ලෙස හඳුනාගෙන ඇත. සන්නිවේදන හා අන්තර්ජාල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීමට ද තීරණය විය.

මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල යන අමාත්‍යවරු ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, යන රාජ්‍ය අමාත්‍යවරු, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදය චමින්ද කිරිඳිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මීමුරේ ප්‍රාථමික විද්‍යල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by