බස්නාහිර මෙහෙයුමකින් යතුරුපැදි 28ක් සහ ලොරි රථ 3ක් පොලිස් භාරයට


බස්නාහිර පළාත ආවරණය වන අයුරින් ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් යතුරුපැදි 28ක් සහ ලොරි රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේ අපරික්ෂාකාරි ලෙස ධාවනය කළ රථ වාහන හා යතුරුපැදි 128ක් සහ අධික වේගයෙන් ධාවනය කළ වාහන 57ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවයි.
මාරක රිය අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෙලෙස විශේෂ රථ වාහන මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බස් රථ, ටිපර් රථ හා යතුරුපැදි 4962ක් අදාළ කාලසීමාව තුළ පරීක්ෂා කර තිබෙනවා.
