Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශන මාලාව

ශ්‍රී ලංකාව විවිධ අභියෝග රැසක් හමුවේ අසීරූ කාලවකවානුවක් ගෙවා දමමින් සිටියි. පසුගිය පාස්කූ බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙන්ම මේ වනවිට අධි වසංගත තත්වයෙන් ව්‍යප්තව යන කෝවිඩ් 19 ව්‍යවසනය මෙරට ආර්ථිකයේ කොදු නාරටියට දැඩි ලෙස බලපෑම් කරමින් පවතී. එවන් පසුබිමක් තුළ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එළි දැක්වූ සෞභාග්‍යයේ දැක්මට අනුගතව යමින් ආනයන සීමා පනවමින් දේශීය ව්‍යවසායකයා රැක ගැනීමට බොහෝ පියවර රැසක් ගනු ලැබී ය.

ඒ අනුව ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ Made in Sri Lanka සන්නාමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශන මාලාවේ පලමුවැන්න ශ්‍රී ලාංකීක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජපන් තානාපති අකිරා සුගියාමා මහතා මෙන්ම ප්‍රංශ තානාපති එරික් ලැවර්ටෝ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය පෙබරවාරි 13 වනදා කොළඹ 07 පදනම් මාවතේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

වසර පුරාම අඛණ්ඩව ඉදිරියටත් පැවැත්වීමට නියමිත මෙම වෙළඳ ප්‍රදර්ශනය දින දෙකක් පුරා උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පැවති අතර ව්‍යපාර හා පාරිභෝගික මෙන්ම ව්‍යපාර ව්‍යපාර සුසංයෝග නිර්මාණය කරලිමින් Made in Sri Lanka සන්නාමය ඉදිරියට තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් තනනු ලැබීය.

එවන් පසුබිමක් තුළ මෙම වෙළඳ ප්‍රදර්ශනය අවසන් වීමට පෙර එහි සපැමිණි ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි සිටි සියලු ව්‍යවසායක මහත්ම මහත්මීන් සමඟ මෙන්ම පැමිණ සිටි ව්‍යපාරික හා පාරිභෝගික පිරිස් සමඟ ද සුහද කතා බහක නිරත විය. කෙසේ වුවත් ඉදිරිපත් වූ බොහෝ යහපත් ප්‍රතිචාර හා ඉල්ලීම් මත මෙම ප්‍රදර්ශනය මෙතෙක් මාස දෙකකට වරක් පැවැත්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් සෑම මසකටම දෙවරක් පැවැත්වීමට තීරණය කරණු ලැබීය.

තවද, මෙම ප්‍රදර්ශනය හරහා බොහෝ ව්‍යපාරික අවස්තා රැසක් ව්‍යවසායකයන් වෙත විවෘත විය. ඒ යටතේ බොහෝ විදේශ අපනයන අවස්තා පුළුල්වීම, සුපිරි වෙළදසැලවල් හා හෝටල් ඇතුළු ව්‍යපාරික ප්‍රවේශ රාශියක් හඳුන්වාදීම සිදු වූ අතර මෙහි සුවිශේෂී අවස්තාවක් වූයේ ව්‍යපාර-ව්‍යපාර අතර සංවිධානය කළ හමුවයි. එහිදී මින් පෙර ව්‍යවසායක මහත්ම මහත්මීන්ට හිමි නොවූ අවස්තා රැසක් හිමි වූ අතර එහි පූර්ණ ගෞරවය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට මෙන්ම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සියලු කාර්ය මණ්ඩලයට නොමසුරුව හිමි විය යුතු බවටද ඔවුහු වැඩිදුරටත් හෘද්‍යංගමව ප්‍රකාශ කර සිටිය හ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by