අගමැති මෝදිගේ නෙළුම් මල, ශ්‍රී ලංකාවේ ස්තාපිත කිරීමට සැරසේ - ඉන්දීය කොංග්‍රස් පක්ෂය දැඩි විරෝධය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරි දේශපාලනයට ප්‍රවේශවීමට අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය පවසනවා. එහි හිටපු සභාපති ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සදහන් කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අභ්‍යන්තර හමුවකදියි. ඊයේ ත්‍රිපූර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් ඩෙබ් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලය තුළද දේශපාලන කටයුතු ආරම්භ කිරීමට භාරතීය ජනතා පක්ෂය සූදානම් බවයි.

සිය පක්ෂ ලකුණ වන නෙළුම් මල අසල්වැසි රටවලද පිපෙනු ඇති බව ත්‍රිපූර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළා. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂ ප්‍රධානීන්ගේ මෙම ප්‍රකාශවලට ඉන්දීය කොංග්‍රස් පක්ෂය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

වෙනත් රටක දේශපාලන පක්ෂයකට ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේ නිරත විය හැකි දැයි අප නීති විශාරදයෙකු මෙන්ම මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසරිස්වරයෙකු වන මහාචාර්‍ය ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැන්නක් සිදුකිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by