අන්තවාදී මත පැතිරවූවන්ට වැඩ වරදී....


අන්තවාදී මත පැතිරවූවන්ට වැඩ වරදී....
ශ්‍රී ලංකාව තුල අන්තවාදි මත පැතිරවීම සහ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (25) දිනයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් අවුරුදු 46ක මාතලේ ප්‍රදේශයේ අයෙක් වන අතර ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් පිටුවහල් කල අයෙක් බව සඳහන් වේ.
ඔහු විදේශ ගතව සිටි කාලයේදී අන්තර්ජාලය හරහා විවිධාකාරයේ අන්තවාදී මතවාද ප්‍රචාරය වන දේශන පවත්වා ඇති බවත්, ශ්‍රී ලංකාව තුල අන්තවාදි ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල අරමුදල් රැස් කිරීමටද කටයුතු කර ඇති බවට නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසා ඇත.
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා අවුරුදු 49ක් වයසැති අයෙකි. මොහු සමාජ මාධ්‍ය ජාලා හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කර ඇති අතර මොහු අන්තවාදි ත්‍රස්ත කල්ලි නායක සහරාන්ගේ සමීපතයෙකු බවටද හදුනාගෙන තිබේ.
අදාල සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසා ඇත.
