බස්නාහිර පළාතේ පාසල් යලි විවෘත වෙයි

බස්නාහිර පළාතේ පාසල් යලි විවෘත වෙයි.......



කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස දිවයිනේ සියලු පාසල් වසා දැමුනු අතර අදියර කීපයකට නැවත පාසල් ආරම්භ කිරීමට රජය පියවර ගත්තා.

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී විවිද ගැටලු මතු වූ අතර, පසුගිය 15 වෙනිදා අදාල පාසල්වල 5, 11, 13 ශ්‍රේණී ආරම්භ කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල විශේෂ චක්‍රලේඛයකට අනුව අද (29) සිට එම පාසල් වල සියලු පන්ති ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු බවත්, 16ත් 30ත් අතර සිටින පන්ති කන්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් ලෙසත්, ඊට වැඩි පන්ති කන්ඩායම් තුනකට බෙදා සමාන දින ගණනක් ලෙසත් පැවැත්විය යුතු බව සඳහන් වේ.

බස්නාහිර පළාතේ ඇන්ග්ලිකන් සභාවට අයත් පාසල්ද අද සිට විවෘත කරන බව ඇන්ග්ලිකන් සභාව නිවේදනය කර ඇත.

බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්ද ලබන 5 වෙනිදා සිට ආරම්භ කෙරෙනු ඇත.

ළමුන් ප්‍රවාහනය කිරීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුකූලව සිසු සැරිය බස් රථ යොදවා ඇති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසා සිටියා.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by