මහ මගදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට.....

මහ මගදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට.....



පන්නිපිටිය ප්‍රදේශයේ රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරියෙකු, පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍ය ජාලා වල පෙරලියක් ඇති කර තිබුනි.

මේ පිළිබඳ විමර්ශණයක් සිදු කර ඊයේ (29) දිනයේම පොලිස් නිළධාරියාගේ වැඩ තහනම් කර ඇති අතර, අද (30) නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ.

අදාල ලොරි රථ රියදුරා ඊයේ උදෑසන නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම නිසා මාර්ගයේ රාජකාරී කරමින් සිටි මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටී තුවාල ලබා ඇති බවත් එම හේතුව නිසා ඔහුට පහර දී ඇති බවත් වැඩි දුරටත් හෙලිවේ.

තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා දැනට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේ වෙතත් පොලිස් නිළධාරීයෙකු ලෙස එලෙස පහර දීමක් සිදුකිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by