රුපියල් 5000ත් ව්‍යාජ වෙයි......

රුපියල් 5000ත් ව්‍යාජ වෙයි......



මෙම දිනවල රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් දක්නට ලැබුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පවසන්නේ දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කළ සහ එම නෝට්ටු භාවිතා කිරීමට උත්සහ කළ පුද්ගලයින් කීපදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ දිනයේදීද කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදි වෙළදසැලකට ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන මපැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී තවත් මුදල් නෝට්ටු හතරක් සොයාගෙන තිබෙනවා.

එළඹෙන උත්සව සමයේදී මුදල් හුවමාරු වීම් වැඩි වන නිසා රුපියල් 5000 නෝට්ටු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ පිළිබඳව කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by