ඒ නාට්ටියත් ඇනකොන්ඩා.. බොරු සුදු වෑන් රියදුරා අතේ කෝට්.. බොරු රැවුල්-කොණ්ඩ දමා පැමිණ ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රියදුරෙක්…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරණ සමයේ දී සුදු වෑන් පැහැර ගැනීම් සිදු වූ බවට පවසමින් එම වෑන් රථයක රියදුරකු ලෙස සේවය කළේ යැයි පැවසූ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ රගපෑමක් බවට තොරතුරු වාර්තා වෙයි.

ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ බොරැ රැුවුලක් හා උපැස් යුවලක් පැලගෙන බවටද තොරෙතුරු ඇත.

මෙම පුද්ගලයා සුදු වෑන් රියදුරකු බව පවසමින් මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ඔහු රියදුරු ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බවච වාර්තා වෙයි.

මාධ්‍ය හමුවේ දී තමන්ගේ නම ප්‍රනාන්දු ලෙස සඳහන් කළ ද ඔහුගේ සැබෑ නමද එය නොවන බවද සදහන්ය.

රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු නිවසේ නතරව සිට අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ ඇත්තේ අදාළ පුද්ගලයන්ට බොරු රැවුල් සහ උපැස් එහිදී පැලදවීමෙන් පසුවයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by