කණුගහවැව ආදර්ශ ගම්මානය එළි දැක්වේ...

කණුගහවැව ආදර්ශ ගම්මානය එළි දැක්වේ...



කැබිතිගොල්ලෑවේදී පැවැත්වුනු “ගම සමඟ පිළිසඳර” 4 වන වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් වලට අනුව ජනාධිපතිවරයාගේ මගපෙන්වීම්වලට අනුව ගුවන්හමුදාව විසින් ඉදිකල “කණුගහවැව ආදර්ශ ගම්මානය” ඊයේ (4) දිනයේදී ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිනි.

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී.
අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට පවරනු ලැබීය.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියේ ඉදිකල නිවාස 12ක සහ ගුරු නිවාසයේ යතුරු, නිවාස හිමිකරුවන්ට හා විදුහල්පතිවරයාට බාර දුනි.

කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් පස් දෙනෙකුට සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය සිදු කෙරිනි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම, කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවස ව්‍යාපෘති ද ක්‍රියාත්මක කර තිබුණි.

ජංගම අක්ෂි රෝහලේ සිදුකල අක්ෂි සැත්කම් නිරීක්ෂණයට ලක්විය.

කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කි.මි 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කෙරිණි.

අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු ගුවන් හමුදා නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by