ෆාම් ඔයිල් ආනයනය තහනම් කෙරෙයි...


ෆාම් ඔයිල් ආනයනය තහනම් කෙරෙයි...
ෆාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්ට උපදෙස් දී ඇත.
ඒ අනුව ඊයේ (5) පස්වරුවේදීම ආනයන අපනයන පාලකවරයාට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම මේ වන විටත් ආනයන කර ඇති ෆාම් ඔයිල් ද නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවන ලෙසද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
මේ සමඟම කටු පොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කර රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
