වත්තල ආසනයේ මාවත් දෙකක් ජනතා අයිතියට පත් කෙරෙයි...


වත්තල ආසනයේ මාවත් දෙකක් ජනතා අයිතියට පත් කෙරෙයි...
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙල යටතේ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාළව වත්තල ආසනයේ මුතුරාජ මාවත සහ මගුල් පොකුණ පල්ලිය පාර ජනතා අයිතියට පත් කිරීම (04) දින සිදු කරනු ලැබීය.
මේ යටතේ සංවර්ධනය කරන ලද මුතුරාජ මාවත දුර ප්‍රමාණය කිලෝමීටර 0.80ක් වන අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 17 කි.
වත්තල මාබෝල නාගරික මන්ත්‍රී නිමලසිරි කෝරලගේ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය කරනු ලැබීය.
මගුල් පොකුණ පල්ලිය පාර සංවර්ධනය කරන ලද දුර ප්‍රමාණය කිලෝමීටර් 0.86කි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 14 කි.
වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂශිරංග වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙම මාර්ගය සංවර්ධනය කරනු ලැබීය.
වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජගත් ජයතුංග, වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.