විදුලි සේවකයන් ලෙඩ වෙති...

විදුලි සේවකයන් ලෙඩ වෙති...



ලංකා විදුලි බල මන්ඩලයේ සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර අද (8) දින කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

වසර ගණනාවක සිට වැටුප් වැඩි නොකිරීම ඊට හේතුව බවත්, විදුලි සේවකයන් 25000ක් පමණ ඊට සහභාගී වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළා.

රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී වැඩ වර්ජනයක නිරත වීමට ද බලාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගෙන් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කර කියා සිටියේ සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාව පළ කර තිබියදී මෙවැනි උද්ඝෝෂණවල නිරත වීම පිළිගත නොහැකි බවය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by