සජිත්ගේ සාමාන්‍ය පෙල සහතික පෙන්වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙකු උපවාසයකට සූදානම්.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන තෙක් උපවාසයක් ආරම්භ කිරීමට මෙවර ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති අපේක්ෂකයෙකු තීරණය කර ඇතැයි සමාජ ජාලාවල වාර්තා පලවෙයි.

ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරන මෙම අපේක්ෂකයා හෙට දිනය තුල මෙම උපවාසය ආරම්භ කරනු ඇතැයිද සදහන්ය.

සාමාන්‍ය පෙළ අසමතෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට රටකට ඉතා නොගැලපෙන්නක් බව ලංකාවේ සබුද්ධික ජනතාවට නායකත්වය දීමට එවන් වූ නූගතෙකු නොගැළපෙන බවත් ඔහුගේ මතය වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභාගය පවා අසමතෙක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පසුගියදා චෝදනා කරන ලද අතර තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි මේ වන තෙක් පේ‍්‍රමදාස මහතා හෙලි කර නැත.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by