හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා පොලීසියේ 33 වැනි පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (29) සවස 5.00 පමණ කොළඹ නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ස්භාවික අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවිය.

මහින්ද බාලසූරිය මහතා 1978 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2010-2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඒ වාගේම මහින්ද බාලසූරිය මහතා ඉන්පසුව බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by