මා ජනාධිපති කරවූයේ බහුතර සිංහලයන් විසින්.. – ජනපති මුල්වරට ජාතිය අමතමින් රුවන්මැලි පුදබිමේදී කියයි..

තමනට ජනාධිපති ජනාධිපති ධුරයට පත් වන්නට හැකියාව ලැබුනේ මෙරට සිව්දිග වැඩවසන මහා සංඝරත්නය විසින් ලබාදුන් ආශිර්වාදය මුල්කරගෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ තම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට දී මුල්වරට ජාතිය අමතමිනි.

තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය.

සිංහල ජනතාවගේ ඡන්දයෙන් තමනට ජනාධිපති විය හැකි බව මුල සිටම දැන සිටියද එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නැයි මුස්ලිම් සහ දෙමළ ජනතාවට ද තමන් ආරාධනා කළ බවද ඔහු කියා සිටියේය.

නමුත් එයට ප්‍රතිචාර තමන් අපේක්ෂා කළ මට්ටමක නොතිබූ බවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවසුවේය.

තමනට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවත් ඔවුන් සියලු දෙනාටම නායකත්වය දෙමින් ඔවුනට ආරක්ෂාව සැලසීම තමා භාරගන්නා බවද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by