ජනපති ඉන්දියාවට.. ප්‍රථම විදෙස් නිල සංචාරය..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමු රාජ්‍ය සංචාරය ලෙස මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව ලබා පිටත්ව ගියේය.

ඒ අනුව ජනාධිපතිවරයා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දහවල් 1.55ට දිවයිනෙන් පිටත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවන අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලද නිරතවීමටද නියමිතයි.

මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ඇතුළු සුළු පිරිසක් පමණක් එක්වෙයි.

මෙම සංචාරයට එක්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් වන අතර කිසිදු ඇමතිවරයෙක් සම්බන්ධ වී නැත. ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි.. පිරිස 10ට අඩුයි..

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by