2019 අ.පො.ස. (සා/පෙළ) විභාගය අදින් ඇරඹේ.. ආපදා නිසා විභාගයට ඇතිවන බාධා වළකන පියවර..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) ආරම්භ වෙයි.

පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි සනත් පූජිත මහතා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.

යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම් ( 0773 957 903) අධ්‍යක්ෂ පෙරසුදානම්, (0773 957 898) හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුර්ව දැනුම්දීම් (0772 320 530) අමතන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ක්‍රියාත්මක ජාතික හදිසි මෙහෙයුම් ඒකක අංක 0702 117117, 0113 668 032, 0113 668 028, 0113 668 0289, 0113 668 030 යන දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by