ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ආරාධනයක්...

තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර ඇත.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණි. ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ බලයට පත් වී සිටින නව රජය 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව යුක්තිය නිදහස සහ ගෞරවය සම්පූර්ණ කිරීම සදහා සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි ද තමන් විශ්වාස කරන්නේ යයි ඔහු පැවසීය.

නව ජනාධිපතිගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් පූර්ණ සහාය දෙන බවද කී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඩොලර් මිලියන 400ක මුදලක් අඩු සහණ නය ප‍්‍රධානයක් ලෙස ශ‍්‍රී ලංකාවට පිරිනමන බවද පැවසුවේය.
එමෙන්ම තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ත‍්‍රස්තවාදය මැඩලීම වෙනුවෙන් ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග විස්තරාත්මකව කතා කල බවත් ඔහුගේ දේශපාලන දැක්ම තමන් සමග පැවසූ බවත් ඉන්දීය අගමැතිවරයා සදහන් කළේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by