බැසිල් රාජපක්ෂ මහතා නව කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර මුදල් අමාත්‍ය ධූරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද(08) දිනයේදීම ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දිවුරුම් දීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යාංශයේ දී ඒ මහතා වැඩ බාර ගැනීමටද නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ 09 වැනි ආසන සූදානම් කර තිබේ.

ඔහුට ඉදිරි පෙළ අසුනක් හිමි වන්නේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීම නිසා බවද පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා කියා සිටියේය.

මේ අතර අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by