අතුරු තහනම තවදුරටත් – විභාගයට දින තීන්දුයි – UPDATE

0
120

[ad_1]

තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නමුත්, එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි  කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 යන දිනවළ කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


අතුරු තහ­නම දිග­ටම

වැඩි දුර විභා­ගය ජන­වාරි 16-17-18

අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩ­ලය සිය ධුර­යන්හි කට­යුතු කිරීම වළ­කා­ල­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් ලබා­දුන් අතුරු තහ­නම් නියෝ­ගය අත්හි­ටු­වන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් ඊයේ (14) ඒක­ම­ති­කව ප්‍රති­ක්ෂේප කරන ලදී.

එසේ වුවද මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩ­ලය ඉදි­රි­පත් කළ විශේෂ අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනී­මට තීර­ණය කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජන­වාරි 16, 17 හා 18 දින­යන්හි විභා­ග­යට ගැනී­මට තීර­ණය කළේය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ගෙන අව­සන් වන­තෙක් මෙම සිද්ධි­යට අදා­ළව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ වන රිට් පෙත්සම් විභා­ග­යද අත්හි­ටු­ව­මින් නියෝ­ග­යක් ද නිකුත් කළේය.

පෙත්සම් විභා­ගය පංච­පු­ද්ගල විනි­සු­රු­ම­ඬු­ල්ලක් හමුවේ කැඳ­වීම සඳහා සලකා බැලී­මට අග­වි­නි­සුරු නලීන් පෙරේරා මහතා වෙත යොමු කෙරුණි.

ඊවා වන­සු­න්දර (සභා­පති), බුව­නෙක අළු­වි­හාරේ, විජිත් මල­ල්ගොඩ යන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් මෙම තීන්දු ඊයේ (14) නිකුත් කරන ලදී.

අතුරු තහ­නම් නියෝ­ගය ඉවත් කිරී­මට කළ ඉල්ලීම විනි­සුරු මඬුල්ල විසින් ඒක­ම­ති­කව ප්‍රති­ක්ෂේප කරන ලද අතර විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා පම­ණක් අභි­යා­චන පෙත්සම විභා­ගය ගැනීම සම්බ­න්ධව විරුද්ධ විය.

විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා දන්වා සිටියේ පෙත්සම විභා­ග­යට නොගෙන ඒ අව­ස්ථා­වේ­දීම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩල සාමා­ජි­ක­යන් විසින් විශේෂ අභි­යා­චන පෙත්ස­මක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර එම­ගින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මගින් ලබා­දුන් අතුරු තහ­නම් නියෝ­ගය ඉවත් කරන ලෙසට ඉල්ලා තිබුණි.

ඊයේ (14) පෙර­ව­රුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණි.

අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ලබාදී ඇති අතුරු නියෝ­ගය හේතු­වෙන් ‍රටෙහි අග­මැ­ති­ව­ර­යෙක් හා අමාත්‍ය මණ්ඩ­ල­යක් නොමැති තත්ත්ව­ය­කට පත්ව ඇති බවත් එම නියෝ­ගය හේතු­වෙන් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කිරීමේ නොහැ­කි­යා­වක් පව­තින බවත් විශේෂ අභි­යා­චන පෙත්සම සම්බ­න්ධව කරුණු දක්ව­මින් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටි­යේය.

අසං­ශෝ­ධිත හැන්සාඩ් වාර්තා­වක් පද­නම් කර­ගෙන අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මෙම තීන්දුව ලබාදී ඇති බවත් මෙයින් සම්පූර්ණ නඩු තීන්දුවේ සම­බ­ර­තා­වයේ පහ­සු­තාව අනුව පෙත්ස­ම්ක­රු­වන් දැඩි අප­හ­සු­තා­ව­කට පත්ව ඇති බව හා එය මුළු රට­ටම බලපා ඇති බවත් පෙන්වා දුන් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අලු­තින් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත්කි­රී­ම­ටත් ඉන්න අයට එම ධුර­වල කට­යුතු කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­රණ අතුරු නියෝ­ග­යෙන් නොහැකි වී ඇති බවත් අව­ධා­ර­ණය කළේය.

පාර්ලි­මේ­න්තුවේ විශ්වා­ස­භං­ගය තහ­වුරු වූ බව රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් 122 දෙදෙනා විසින් ලබා දී ඇති දිවු­රුම් ප්‍රකාශ මඟින් තහ­වුරු වන බව ජනා­ධි­පති නීතිඥ කනක ඊෂ්ව­රන් මහතා කරුණු දක්ව­මින් සඳ­හන් කර සිටි­යේය.

අසං­ශෝ­ධිත හැන්සාඩ් වාර්තාව පිළි­ගත නොහැකි බවට පෙත්ස­ම්කාර පාර්ශ්වය මේ අව­ස්ථා­වේදී තර්ක­යක් ඉදි­රි­පත් කළද සාක්කි ආඥා පනතේ 57 වග­න්තිය ප්‍රකා­රව පාර්ලි­මේ­න්තුවේ ‍ඕනෑම ලිය­වි­ල්ලක් සාක්කි­යක් ලෙස පිළි­ගත හැකි බවට සඳ­හන් වන්නේ යැයි ද රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන 122 දෙදෙනා වෙනු­වෙන් පෙනී සිටි කනක ඊෂ්ව­රන් මහතා පැව­සීය.

පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද පනතේ 18 වග­න්තිය යටතේ රජයේ මුද්‍ර­ණා­ල­යා­ධි­ප­ති­ව­රයා විසින් සහ­තික කර නිකුත් කර තිබෙන ඕනෑම පාර්ලි­මේන්තු සට­හ­නක් සාක්කි­යක් ලෙස අධි­ක­ර­ණය හමුවේ පිළි­ගත හැකි බව ජනා­ධි­පති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්ව­මින් පැව­සීය.

තවද ස්ථාවර නියෝග 42 (1) අනුව හඬ ඡන්දය පාර්ලි­මේන්තු එක් ඡන්ද විම­සී­ම­කදී භාවිතා කළ හැකි බවත් මෙම අභි­යා­චන පෙත්සම පාර්ලි­මේ­න්තු­වට සෘජු­වම අදාළ කරු­ණක් බැවින් මෙම අභි­යා­චන පෙත්සම් විභා­ග­යට ගැනී­මට බල­යක් නැති බවත් වැඩි­දු­ර­ටත් දන්වා සිටි­යේය.

දෙපා­ර්ශ්වයේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව පෙත්ස­ම්කාර පාර්ශ්ව­යන් විසින් නැවත ප්‍රති­වි­රෝ­ධතා දක්වන ලදී.

ඉන් අන­තු­රුව විනාඩි 10 ක අධි­ක­රණ කට­යුතු නතර කළ විනි­සුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකා­ශ­යට පත්ක­රන ලදී.

විශේෂ අභි­යා­චනා පෙත්සම ඊයේ (14) කැඳවූ අව­ස්ථාවේ සභා­පති විනි­සුරු ඊවා වන­සු­න්දර මහ­ත්මිය පවසා සිටියේ 39 වස­රක් වූ තම රාජ්‍ය සේවය තුළ තමා කිසි විටෙ­කත් මුහුණු බලා තීන්දු තීරණ නොගත් බවයි.

එහිදී රාජ්‍ය සේව­යෙන් ඊයේ (14) විශ්‍රාම ගිය ඊවා වන­සු­න්දර මහ­ත්මි­යගේ සේවය අග­ය­මින් විනි­සුරු මඬුල්ල හා නීති­ඥ­ව­රුන් ඇයට කෘත­වේ­දී­ත්වය දක්වා සිටි­යේය.

කුමුදු හෙට්ටි­ආ­රච්චි

[ad_2]

Source link

Leave a reply